bc

පාතාලයේ දියණිය - ආදරය, කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය

book_age16+
detail_authorizedAUTORIZADO
0
SEGUIR
1K
LEER
misterio
Oficina/lugar de trabajo
like
intro-logo
Descripción

පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්‍රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්‍රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු පවුලේ ව්‍යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාගේ සිත් ඇදගැනීමට උත්සාහ කළාය. කෙසේ වෙතත්, විනිශ්චයේ විනාශකාරී දෝෂයක් නිසා පවුල ඛේදවාචකයකට මුහුණදෙන අතර, ඇගේ මව ඩේසිව ප්‍රදේශයේ ප්‍රජාවට උපකාර කිරීමේ ආරක්ෂිත මාවතකට යොමු කරයි. පාතාලයේ දියණිය යනු ප්‍රසන්න සතුටුදායක අවසානයක් සහිත ඛේදනීය කතාවකි.

chap-preview
Vista previa gratis
1 විලා බ්ලන්කා, මාර්බෙලා, 1995
1 විලා බ්ලන්කා, මාර්බෙලා, 1995 තෙරේසා, ඇගේ මුහුණේ පුළුල් සිනහවක් සමඟ ගැඹුරින් හුස්ම ගනිමින් ඇයගේ ප්‍රධානියා වූ ජෝන් අසල ඇඳ මත උඩුබැලි අතට වැතිර සිටියාය. හැටපස් හැවිරිදි වියේ පසුවූ ජෝන්, තමාට දැඩි ආදරයක් ඇති කර ගැනීමට ක්‍රියාශීලී භූමිකාවක් ගත කිරීමට නොහැකි තරමට ජීවිතයේ ඕනෑවට වඩා දඬුවම් ලබා තිබුණි. ඇය ඔවුන් දෙදෙනාම සතුටු කරන විට අසභ්‍ය බසින් බනිනවාට ඔහු කැමති විය, නමුත් එය ඇයට නිරායාසයෙන් නොලැබුණු නිසා ඇයට උණුසුම් අවස්ථාවේදී සාමාන්‍යයෙන් එය අමතක විය. තෙරේසාට වයස අවුරුදු හතළිස් දෙකක් වූ අතර ජෝන් ඇගේ පෙම්වතා වීම ගැන ආඩම්බර විය. ඇත්ත වශයෙන්ම, විශාල වයස් පරතරයක් තිබියදීත් ඇය වසර ගණනාවක් ඔහුට ආදරය කළාය. ඇය මුලින්ම මේ කීර්තිමත් ඉංග්‍රීසි ජාතිකයා හට ආකර්ෂණය වී තිබුනේ ඔහු ෆුඑන්ගිරෝලා වෙළඳපොලේ දී ඇයගෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි විට වන අතර, ඔහු ඇයව ඔහුගේ කෝකියා සහ ගෘහ සේවිකාව ලෙස භාර ගත් පළමු දිනයේ සිටම ඔහු සමඟ ආදරයෙන් බැඳී තිබිණි. නිතර නිතර සිදුවූ ඔහුගේ වෙළෙඳ පොළට පැමිණීම ඇයව බැලීමට නිදහසට කරුණක් ලෙස භාවිතා කල බව ඇය ඒ වන විට දැන සිටියේ නැත. "ඒක නම් නියමයි ටෙරී, කෙල්ලේ... ඔහ්, ඔව්... වැඩිහිටි මිනිහෙක්ව අඬවන්න ඔයා ඇති". තෙරේසා තම පෙම්වතා දෙසට, ඔහුගේ බලා සිටි දකුණු අත මතට පෙරළුණාය. ඔවුන් සිප ගන්නා විට ඇය තම දකුණු අත ඔහුගේ පපුව හරහා තැබුවාය. "ඔයා තමයි හොඳම", ඔහු ඇයට කීවේය. “මට ඔයාව සතුටු කරන්න ලේසියි, ජොනී, මොකද මම ඔයාට ආදරේ නිසා. ඔයා මගේ වීරයා වගේම මගේ ගැලවුම්කාරයා", ඇය නිතර කියන පරිදිම පිළිතුරු දුන්නාය. ආවරණය වූ ශබ්ධයක් ලෙසට පිටතින් පිපිරුම් හඬක් ඇහුනි. ජෝන් දුරකථනය වෙත අත දිගු කරන විට එය නාද විය. ඒ ඔහු දැන සිටි පරිදිම ඔහු ඇමතීමට සිටි පුද්ගලයාය. "ඒ මොකක්ද ටෝනි?" ඔහු ඇසුවේ ඔහුගේ කටහඬේ කිසිදු චකිතයක් නොමැතිවය. "මට තාම ඒ ගැන විශ්වාස නැහැ, ලොක්කා, නමුත් අපිට පහර දීලා නැහැ ..." ඔහුට බාධා පැමිණුනේ පළමු පිපිරීමට සමාන දෙවන පිපිරුමකින් සහ පසුව වෙනස් ආකාරයක තුන්වන පිපිරුමකිනි. “ඒක එන්නේ පාරෙන් ටිකක් ඈතින්. මම හිතන්නේ පිටවෙන දුම් වලාකුළු නිසා ඒක ඕ’ලියරි ගේ තැන කියලයි. මම දැන් එලියට යනවා හොඳට බලා ගන්න." ටෝනි දොර පියනක් ආකාරයේ විශාල මිනිහෙක් වූ අතර තට්ට හිසක්ද තිබුණි. ඔහු ජෝන්ගේ ආරක්ෂක ප්‍රධානියා වූ අතර වසර දහයක් ඔහු සමඟ වැඩ කරමින් සිටියේය. ඔහු ආයාසයකින් තොරව හුස්ම ගනිමින් දිව යන බව ජෝන්ට දුරකථනය තුලින් ඇසුන අතර පසුව ශබ්ධය නතර විය. “මම එයාලගේ ඉස්සරහා ගේට්ටුවට මීටර් දෙසීයක් විතර දුරින් ඉන්නේ. ගෙදරට පහර දීලා තියනවා වගේ තමයි පේන්නේ. ඉස්සරහ ගේට්ටුව ... හැම තැනකම යතුරුපැදි කෑලි තියනවා ... මිනිස්සු දෙන්නෙක් බිම ... ගිනි ගන්නවා ... ඔහ්! මම හිතන්නේ එයාලගේ බෙල්ලේ පිටිපස්සට බේස්බෝල් බැට් එකකින් පහර දීලා තියනවා කියලා. මට පේන්නේ RPG ගහලා වගෙයි. මම ආයේ එනවා. මාව මේකේ සාක්ෂිකාරයෙක් විදියට අල්ලගන්න මට ඕන නෑ." "නෑ ඇත්තෙන්ම නෑ. ආපහු ඇවිත් මෝඩයෙක් වගේ ඉන්න. ඒ උනාට ඔයාට QT එකෙන් හොයා ගන්න පුළුවන් මොනවද කියලා බලන්න. පස්සේ මට දැනුම් දෙන්න.” ඔහු ඇමතුම විසන්ධි කළේය. මිනිත්තු පහකට පසු, ජෝන් වෙනදා සිදුවෙන ලෙසම නින්දට වැටී සිටි අතර, තෙරේසා නිශ්ශබ්දව නැඟිට, තම ඇඳුම් ඇඳගෙන නැවත වැඩ කිරීමට ගියාය - එය ඇයගේ සේවායෝජකයාගේ රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට කාලයයි. ආහාර ගන්නා අතරතුර, ටෝනි බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඔහුගේ වාචික වාර්තාව ජෝන්ට ලබා දුන්නේය. “මේක නිල වාර්තාවක් නෙමෙයි, ලොක්කා, නමුත් මම මේවා දැනගත්තේ ඕ’ලියරිගේ කොල්ලෙක්ගෙන්, ඒ නිසා මම හිතනවා ඒක අපට කවදා හරි දැනගන්න ලැබෙන ඇත්තට කිට්ටුයි කියලා. ඒක ධාවනය වෙන වාහනයක ඉඳන් එල්ල කරපු ප්‍රහාරයක්. එයාලා රොකට් මගින් විදින ග්‍රෙනේඩ් පාවිච්චි කරලා තියනවා. පේන විදිහට, එයාලා ගේට්ටුව පහුකරගෙන යනකොට පලවෙනි එක තියලා තියනවා. ඒක ගේට්ටුවේ පොලු අස්සෙන් ගිහිල්ලා ගෙදරට වැදුනා. තමන්ට කිසිදෙයක් වැදුනේ නැහැ කියලා, එයාගේ වාසනාවන්ත තරු ගණන් කර කර හිටපු ගේට්ටු පාලකයා වෙඩි කිහිපයක් තියලා තියනවා.” “පස්සේ, මෙයාලා හරවගෙන ඇවිත් ආයෙත් වෙඩි තියලා තිබුනත්, RPG වල පිටිපස්සෙන් පිටවෙන ගින්දර, ගේට්ටු පාලකයාගේ වෙඩි පාරකින් හිල් වෙලා ලීක් වෙන පෙට්‍රෝල් වලට ඇවිලිලා ඒක පිපිරිලා යන්න ඇති. පලවෙනි ග්‍රෙනේඩ් එකෙන් නොවුනත්, දෙවෙනි ග්‍රෙනේඩ් එක ගේට්ටුවට වැදිලා ඒක පිපිරිලා තියනවා. බයිසිකලය පිපිරෙන කොට ඒකේ හිටපු මිනිස්සුන්වත් ගිනි අරගෙන ආයෙත් පොලවට වැටිලා තියනවා. පස්සට ප්‍රශ්න ඇතිවෙන එක වලක්වන්න, ඕ’ලියරිගේ මිනිස්සු බේස්බෝල් පිත්තකින් ඒ අයගේ බෙල්ල කඩලා දාලා.” "කවුද වගකියන්න ඕනේ කියලා එයාලා හිතන්නේ, ටෝනි?" "එයා කිව්වේ එයාලා දන්නේ නැහැ කියලයි, ඒ උනාට ඒක කරන්න ඇත්තේ, උපන් බිමේ ඉන්න ප්‍රතිවාදී අයර්ලන්ත කල්ලියක් වෙන්න ඇති කියලා මම යෝජනා කරපුවහම, එහෙම වෙන්න බැහැ කියලා එයා කිව්වේ නැහැ.” "බයිසිකල්කාරයෝ ඇරෙන්න, වෙන කාට හරි තුවාල වුනාද?" “ගේට්ටු පාලකයා ඉන්නේ නරක විදිහට. එයාට යකඩ බෝල වැදිලා තුවාල වෙලා තියනවා, ඒ වගේම විශාල යකඩ ගේට්ටු විසිවෙනකොට ඒකකුත් වැදිලා තියනවා. නමුත් එයා ගොඩක් වෙලාවට ජීවත් වෙයි. පිරිසිදු කරන ගෑනු කෙනෙක්ගේ ඇඟටත් වීදුරු කෑලි කිහිපයක් වැදිලා තියනවා. නමුත් එයා හොඳින්. ඕ’ලියරි ලා හිටියේ පිටිපස්සේ, නාන තටාකය ගාව. ඒ නිසා ඒයාලත් හොඳින්.” “පොලිසියෙන් එතෙන්ට ආවාද? මට සයිරන් වගයක් ඇහුණා, මම හිතන්නේ. නමුත් මම ඒ වෙනකොට නිදාගෙන හිටියේ, සමහරවිට හීනෙන් දැක්කද දන්නේ නැහැ.” "නෑ, එයාලා එතෙන්ට ආවා... ඔක්කොම ඉවර උනාට පස්සේ ගිනි නිවන හමුදාවයි ගිලන් රථයකුයි ආවා. ඒ වෙනකොටත්, ඕ’ලියරි ලා ගේට්ටුව බලාගන්න කෙනාවයි, පිරිසිඳු කරන කෙනාවයි රේන්ජ් රෝවර් එකේ දාගෙන ඉස්පිරිතාලෙට අරන් ගිහින්. බයිසිකලයෙන් ආපු අයගේ සිරුරු ගිලන් රථයෙන් අරගෙන ගියා. ගිනි නිවන හමුදාව, දුම් දදා තිබුන වාහනයට වතුර ඉස්සා. පස්සේ එයාලා ගෙදර ව්‍යුහයට මොනවත් හානි වෙලාද කියලා පරීක්ෂා කරලා තියනවා. ඒ අතරේ පොලිසිය ඒ පැත්ත වට කරා කාටවත් එන්න බැරි වෙන්න. දැනටත් එතන ඉන්න එයාලගේ ගොඩක් කට්ටිය තාමත් අවධානයෙන් වගේම කාර්යබහුල බවක් පෙන්වන්න උත්සාහ කරනවා.” “මම මොනවා හරි දැක්කද කියලා එයාලා මගෙන් ඇහුවා. මම කිව්වා දුම විතරයි කියලා. ස්පාඤ්ඤ ජාතිකක් සම්බන්ධ වෙන්නේ නැති තාක් කල්, එයාලා ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ.” “ඔව්, ඔයා හරි. හොඳයි, ඒකට ස්තූතියි, ටෝනි. හොඳයි, හැමදාම වගේ. අපි මොකක් හරි අනතුරක ඉන්නවා කියලා ඔයා හිතනවද?" “නැහැ, ලොක්කා, ඒ නිකන් මික්ස්ලා, එර්, සමාවෙන්න, ලොක්කා, අයර්ලන්ත ජාතිකයන්ගේ, බිම් මට්ටමේ යුද්ධයක් විතරයි. අපිත් එක්ක කිසිම දෙයක් නැහැ. කොහොම වුනත්, මම අමතර අත් කිහිපයක් ගෙනාවා, වැඩිය සහතික වෙන්න." "හොඳයි. ඔයා තාම කෑවේ නැද්ද?" ඔහු අසුනකට අත වනමින් ඇසුවේය. “නැහැ, නමුත් මම ආපහු යනකොට කාර්යාලයේ මං එනකන් මොනවා හරි තියෙයි. ස්තුතියි.” “ඔයාට ඒ ගැන විශ්වාස නම්, ටෝනි. ඔයාව හැම වෙලාවේම සාදරයෙන් පිළිගන්නවා, ඔයා ඒක දන්නවා. හරි, ඔයාගේ කැමැත්තක්. මම ඔයාව ඔයාගේ කෑමෙන් අයින් කරලා තියාගන්නේ නැහැ. පස්සේ මම රවුමක් යනකොට, මම ඔයාව හම්බවෙන්නම්.” ජෝන් ඔහුගේ ව්‍යායාමයේ කොටසක් ලෙස නින්දට යාමට පෙර නිවස අසල උද්‍යාන වටා දෙවරක් ඇවිදීමට කැමති විය. ∞ ජෝන් බැල්ටිමෝර් ප්‍රථම වරට මාර්බෙලා වෙත පදිංචියට පැමිණියේ ඔහුට වයස අවුරුදු හතළිස් පහක් වන විට වන නමුත් එය අර්ධකාලීන පදනමින් පමනක් විය. කල්යත්ම ඔහුගේ රැඳී සිටීමේ කාලය ක්‍රමයෙන් දිගු විය. ඔහුට පෙර බොහෝ දෙනෙකු කලාක් මෙන් ඔහු පලා නොගියේය, නමුත් පොලිසිය, දේශීය ආදායම් සහ පුවත්පත් මගින් ප්‍රශ්න ඇසීමට පෙර, එක්සත් රාජධානියෙන් පිටවීම හොඳ අදහසක් යැයි ඔහුට සිතුනේ ඔහු හැකි තරම් මුදල් උපයාගත් මෙන්ම උරුම කරගත් පසුවය. යම් යම් කාරනා පිලිබඳ ගැඹුරට සොයා බැලුවහොත්, අවසානයේ යමක් ඔහු වෙතට පැමිණීමට හැකියාව තිබිණි. එබැවින් ඔහු සංක්‍රමණය වූ නමුත් ඔහුට සහ ඔහුට පෙර ඔහුගේ පියාට දශක ගණනාවක් පුරා ඇන්ඩලුසියා හි දේපළ තිබුණි. මාධ්‍ය මගින් මලගා පළාතේ වෙරළ තීරය කොස්ටා ඩෙල් ක්‍රයිම් ලෙස නම් කර තිබුණත්, සාමාන්‍ය බොහෝ මිනිසුන්, එනම් සාමාන්‍ය බ්‍රිතාන්‍ය ජනතාව දැන සිටි දෙයට වඩා එහි සත්‍යයක් තිබුණි. ප්‍රදේශයේ සැලකිය යුතු බ්‍රිතාන්‍ය සුළුතරයක් සම්බන්ධයෙන් ගත් කල එය ඉතා උචිත විස්තරයකි. බොහෝ දෙනෙක් බ්‍රිතාන්‍ය මාෆියාවේ තම පැරණි අපරාධ ජීවිතය අත්හැරීමේ අදහසින් කොස්ටා ඩෙල් සොල් වෙත ගිය නමුත් නීරස ස්වභාවය නිසා නැවත එය වෙත ගියහ. ඇතැමෙක් බ්‍රිතාන්‍යයේ තම පැරණි මෙහෙයුම් දුරස්ථව ක්‍රියාත්මක කළ අතර තවත් සමහරු ස්පාඤ්ඤ ජාතිකයන් සහ අනෙකුත් අය විරුද්ධ වූ, ප්‍රාදේශීය ප්‍රජාවට සම්බන්ධ වීමට උත්සාහ කළහ. එය බොහෝ විට ප්‍රචණ්ඩත්වයට හේතු විය; සමහරක් අවස්ථාවන්හිදී බ්‍රිතාන්‍යයන් ජයගත් අතර සමහර විට එසේ නොවුනහ. ජෝන් බ්‍රිතාන්‍යයේ සියල්ල අත්හැර දමා තිබුණත්, ස්පාඤ්ඤයේ ලාභදායී ව්‍යාපාර විශාල ප්‍රමාණයක් තිබූ අතර, ඔහුට ක්‍රම ක්‍රමයෙන් උනන්දුව අඩුවෙමින් පැවතුනි. කෙසේ වෙතත්, වැඩට කැපවූ තැනැත්තෙකු වීම සහ උරුමක්කාරයෙකු මෙන්ම බිරිඳක් හෝ නොමැති වීම නිසා ඔහුට දිගටම ව්‍යාපාර කරගෙන යාමට සිදු විය. ඔහු තුන් වතාවක් විවාහ වී තිබූ අතර බොහෝ සබඳතාද ඇති කර ගෙන තිබිණි. ඔහුගේ සමහර ආදරවන්තියන් ඔහුගේ දරුවෙකු සමග ගැබ්ගෙන ඇතිබව කියා සිටියත්, ඔහු කිසි දිනක වගකීම භාර නොගත්තේය. මන්ද කවදා හෝ නීත්‍යානුකූල උරුමක්කාරයෙකු ඔහුට ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළ බැවිනි. කෙසේ වෙතත්, එම දිනය කිසිදා නොපැමිණි අතර, ඔහුගේ වයසේදී, බොහෝ කලකට පෙර එය කවදා හෝ සිදුවෙයි යන බලාපොරොත්තුව අත්හැර තිබුනි. ඔහුට ඔහුගේ ‘සැබෑ’ භාර්යාවන් සිටි නිසා තෙරේසාව ඇයගේ මුළු ජීවිත කාලය පුරාවටම සුවපහසුව තැබීමට සැලසුම් කර තිබූ අතර, ඉතිරි බූදලය දුෂ්කර කාලයන්ට මුහුණදී සිටින කාන්තාවන් සඳහා පුණ්‍යායතනයකට භාර දිය යුතුද නැද්ද යන අදහස පිළිබද සිතමින් සිටියේය. බොහෝ කාන්තාවන් එම දුෂ්කරතාවයට පත් කිරීමට ඔහු සහ ඔහුගේ පියා කොටස් කරුවන් වී තිබූ බැවින් එය සාධාරණ බව පෙනුනි. ජෝන්ගේ පියා, ජෝන්ට නම තබා තිබුනේද පියාගේ නමට අනුව වුවත්, මුලින් පියාව ෂෝන් ලෙස හැඳින්වුවද, අයර්ලන්ත රිපබ්ලිකන් සහෝදරත්වය විසින් යෝජනා කරන ලද කැරැල්ලකට- ඒ පිළිබඳ කටකතා 1914 පමණ ආරම්භ විය- සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ඔහුගේ මව විසින් ඩබ්ලින් නගරයේ සිට ලන්ඩනය වෙත යවා තිබුණි. ඔවුන්, පළමු ලෝක යුද්ධය තුල බ්‍රිතාන්‍යයේ දැඩි මැදිහත්වීමෙන් ප්‍රයෝජන ගැනීමට සැලසුම් කළ අතර, යම් ආකාරයක නැගිටීමක් සංවිධානය කළ හැකි නම් ජර්මනිය විසින් ඔවුන්ට ආයුධ ලබා දීමට එකඟවී තිබුණි. අයර්ලන්තය යලි එක් කිරීමට සහ වෙස්ට්මිනිස්ටර්හි බලපෑම ඉවත් කිරීමට, ජෝන් ද මෙම 'අභිප්‍රාය' හා සම්බන්ධ වීමට බරපතල ලෙස සිතමින් සිටින බව මිතුරෙකු ඇයට පැවසීමෙන් පසු ඇය ඔහුගේ ආරක්ෂාව ගැන බියට පත් වී මෙලෙස කර තිබිණි. පළමු ලෝක සංග්‍රාමයේ පළමු වසරේ ලන්ඩනයේ නැගෙනහිර අන්තයේ ඔහු සුළු අපරාධකරුවෙකු වූ නමුත් බෙල්ජියම් සරණාගත කාන්තාවන්ට නවාතැන් දෙන ලද නිවසක කාමරයක ජීවත් විය. එක්සත් රාජධානිය තුල බෙල්ජියම් සරණාගතයින් සිය දහස් ගණනක් සිටි අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තම ජීවනෝපාය සලසා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදෙන බව ඔහු දැක තිබූ අතර, ඔහු ගණිකා මඩමක් ලෙස භාවිතා කළහැකි නිවසක් කුලියට ගැනීමට අවශ්‍ය තරම් මුදලක් මුදල් ණයට දෙන මෝරෙකුගෙන් සූක්ෂම ලෙස ණයට ගෙන තිබිණි. සතියක් ඇතුළත ඔහු, තරුණ බෙල්ජියම් කාන්තාවන් සහ ගැහැණු ළමයින් දස දෙනෙකු එහි පදිංචි කරවමින් දවසේ පැය 24 පුරාම වැඩ කිරීමට සැලැස්වූ අතර වසරක් ඇතුළත එවැනි 'ව්‍යාපාර' දුසිමක් ඔහු සතුවිය. වසර පහක් ඇතුළත ඔහු එම නිවාස සම්පූර්ණයෙන්ම මිලදී ගෙන තිබුණි. මුදල් ඉපයීමට පටන් ගත් විට ඔහු කළ පළමු දෙය නම් ඔහුගේ නව, වඩ වඩාත් සංකීර්ණ කටයුතු කරගෙන යාමට ඔහුට උදව් කිරීම සඳහා ඔහුගේ බාල සහෝදරයන් කැඳවීමයි. ඔහුගේ වයස අවුරුදු තිහක් වීමට පෙර ඔහු කෝටිපතියෙකු වූ අතර, ඒ පිළිබඳව ඔහු විශේෂයෙන් ආඩම්බර විය. ඔහු 1914 දී ලන්ඩනයට පැමිණ තිබුනේ ඔහු සන්තකව පවුමකට වඩා අඩු මුදලක් තිබියදීය. ජෝන් කනිෂ්ඨයා, වැඩ කරන ගැහැණු ළමයින් හා සමඟ පැවැත්වූ බොහෝ සම්බන්ධකම් වල එක් ප්‍රතිඵලයක් වූ නමුත්, ඒ ඔහු තම පියා යනුවෙන් හැඳින්වූ තැනැත්තාගෙන්, එනම් හදා වඩා ගත් පියා ලෙස හැඳින්වූ පුද්ගලයාගෙන් නොවීය. මන්ද ඔහුගේ දෙමාපියන් ඔහුගේම පවුලේ අය විසින් වෙන වෙනම තුවක්කු සටන් දෙකකදී මරා දමා තිබූ බැවිනි. ජෝන් ජේෂ්ඨයා විසින් ජෝන් කනිෂ්ඨයාව හදා වඩා ගත්තේ ඔහුගේ සහෝදරයා කළ දේ ගැනත්, ඔහුගේ පරම්පරාව ඔවුන්ගේ පළිගැනීම් කළ ආකාරය ගැනත් ලැජ්ජාවට පත් වූ බැවිනි. පවුල තුල අඩු ශුක්‍රාණු ප්‍රමාණයක් නිපදවීමේ රෝගයක් පැවති බවටද කටකතා පැතිර ගිය අතර ජෝන් ජේෂ්ඨයා නිතරම සිතුවේ ඔහුද තම පුර්වකාලීන පුරුෂයින් අනුගමනය කරන බවයි. ∞ මාස දෙකකට පසු, තවත් ලිංගික එක්වීමකින් පසුව, නමුත් ජෝන් නින්දට යාමට පෙර, තෙරේසා තම ලොක්කාගේ කනට මෙසේ කීවාය. "ජොනී, මගේ ආදරණීය වීරයා, ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා..." “ආ? ඔයා මොනවද කියන්නේ, ටෙරී? මට ළමයි ඉන්න බැහැ ... මට කිසිම දවසක හිටියේ නැහැ, අනික මම දැන් අනිවාර්යයෙන්ම වයසයි! කොහොම හරි, ඔයා මට කිව්වා ඔයාගේ ඔසප් වෙන කාලෙත් නැවතුනා කියලා, ඒ නිසා ඔයාට පිළිසිඳ ගන්න විදිහක් නැහැ." "එහෙම තමයි මාත් හිතුවේ, ඉතින් මේ බබා අපිට දෙවියන්ගෙන් ලැබිච්ච තෑග්ගක්, ජොනී..." “අවලන් ආශ්චර්යයක් තමයි, ඒක ඇත්ත නම්. ඔයා තාම දොස්තර කෙනෙක් හම්බෙන්න ගියේ නැද්ද?" “නැහැ, තාම නැහැ, නමුත් ගෑනියෙක් මේ දේවල් දන්නවා. එයාට ඒ දේවල් කියන්න දොස්තර කෙනෙක් ඕනේ නැහැ.” "සමහර වෙලාවට ඕනේ නැතුව ඇති. නමුත් පිරිමියෙක්ට එහෙම නෙමෙයි. ඒ නිසා, ඔයා හෙට ගිහින් හරියටම හොයලා බලන්න, මගේ කෙල්ලේ." "ඒත් ඒක ඇත්ත නම් ජොනී ඔයා මොකද කියන්නෙ?" “ඒක ඇත්ත වෙන්න බැහැ. මට බෑ, ඔයාට බබෙක් හදන්නත් බෑ!" "ඒත්, ඒක ඇත්ත නම්?" “විකාර, ඒක වෙන්න බෑ. ඔයාට වෙනසක් දැනිලා ඇති ... නැත්තම් ඔයාගේ බර වැඩිවෙලා ඇති. ඒක තමයි, ඔයාගේ බර වැඩි වෙලා." “නෑ ජොනී, අපේ බබා දැනට රටකජු ගෙඩියක ප්‍රමාණය තමයි! ඒක නිසා මම මහත් වෙලා නෑ. ඇත්ත වශයෙන්, මම හැමදාම එකම බරයි: කිලෝ පනස් දෙකක්, නමුත් මම දරුවෙක් පිළිසිඳීලා ඉන්නේ. ඒක වෙන්න බැරි බව පේන්න තිබුනත්, මම ගැබ් අරගෙන ඉන්නේ. මට මතකයි ඉස්සර ඉඳලම දැනුන හැගීම, ඒත් මම හෙට දොස්තර කෙනෙක් හම්බවෙලා බලන්නම්." "හොඳයි! ඔයා එහෙම කරන්න, එතකොට ඔයාට පෙනෙයි මම හරි කියලා.” තත්පර කිහිපයකට පසු, ඔහු නිදාගෙන සිටි අතර තෙරේසා තම ආදරණීයයාගේ සුවපහසුව සහතික කිරීමේ කාර්යයේ යෙදී සිටියාය. ∞ වසර අවසන් වීමට පෙර ඔහු දරුවෙකුගේ පියෙකු වීමට යන පුවත ඇසූ ජෝන්, එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේදැයි නොදැන සිටියේය. ඒ සියල්ල ඉතා වේගයෙන් සිදුවන බව පෙනුනත්, ඔහු රහසිගතව ඉතා ප්‍රීතියෙන් පසුවූ අතර, ඔහු තුළ සිටි දැඩි මිනිසා ජය ගත් බැවින් ඔහු ඩී එන් ඒ පරීක්ෂණයක අවශ්‍යතාවය පිලිබඳ අවධාරනය කළේය. සති දහයේ දී සිදු කරන ලද කළලයේ පරීක්ෂණයකින් ඔහු පියා බව ඔප්පු වූ විට, ඔහු තෙරේසා සමඟ විවාහ වීමට ඉදිරිපත් වූ නමුත්, ඇය එයට අකමැත්තෙන් සිටින බව පෙනෙන්නට තිබූ විට ඔහු කලකිරීමට පත් විය. "මම හිතුවා ඔයා මාව බඳින්න කැමති වෙයි කියලා, ටෙරී", ඔහු කීවේය. “මට බඳින්න තිබුණා, ඒ මම ඔයාගේ දරුවා බඩේ තියාගෙන ඉන්න නිසා නෙමෙයි. ඔයා මට ආදරේ නිසා, ඔයාව කසාද බඳින්න කියනවනම් මම කැමතියි." "ඒත් මම ඔයාට ආදරෙයි ටෙරී, ඔයා ඒක දන්නවා. මම ඒ වගේ දේවල් කියන්න ඒ තරම් දක්ෂ නැහැ, නමුත් මම හිතුවේ ඔයා ඒක දන්නවා කියලා.” "ගෑනියෙක් ඒ වගේ දෙයක් අහන්න ආසයි ජොනී..." "මම හිතන්නේ පිරිමියෙකුත් එහෙම තමයි, මගේ ආදරය. මම කැමතියි කියලා මම පිළිගන්නවා, හැබැයි ඔයා කවදා හරි මම එහෙම කිව්වා කියලා කාටහරි කිව්වොත්, මම ඒක ප්‍රතික්ෂේප කරනවා.” "අනේ ඔයාලා වගේ මෝඩ මචෝ මිනිස්සු", ඇය ඔහුගේ නැමුණු වැලමිට මත වැතිර සිටියදී මෘදු ලෙස ඔහුට සමච්චල් කළාය. “ඔයාට ඒක අහන්න ඕනේ. නමුත් ඔයා ආදරය කරන පුද්ගලයන්ට ඒ සතුට ලබා දෙන්න ඔයාට ඕනේ නැහැ. ඒක ආත්මාර්ථකාමීයි නේද?" ඔහු විනාඩි කිහිපයක් යනතුරු පිළිතුරු නොදුන් නමුත් පිළිතුරු ලැබෙන තුරු බලා සිටීමට තෙරේසා කැමැත්තෙන් සිටියාය. "ඔව්, මම හිතන්නේ ඒක එහෙම තමයි", ඔහු අවසානයේ පිළිගත්තේය. “මම ඔයාට ආදරෙයි කියලා කලින් ඔයාට කිව්වේ නැති එක ගැන මට ගොඩක් දුකයි. සමහර විට මගේ අම්මට ඇරෙන්න මම ජීවිතේටම කාටවත් එහෙම කියලා නෑ. මට මතක නැහැ. මම කවදා හරි එයා ගැන ඔයාට කියලා තියනවද?” "එයාගේ නම ෆ්ලියර්. එයා බෙල්ජියමේ ඉඳන් ආපු කෙනෙක්, නමුත් අපි එයා ගැන තවදුරටත් කතා නොකර ඉමු. කරුණාකරලා, ඔයා මාව බඳිනවද ටෙරී? ඒක මාව මේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිහා කරනවා කියලා මට විශ්වාසයි, මම දන්නවා ඒක නිකං පරණ තාලේ දෙයක් වගේ තමයි කියලා. නමුත් මම හිස් වචන කියන කෙනෙක් නෙමෙයි. ක්‍රියාවෙන් පෙන්නන්න කැමති කෙනෙක් ... මම හිතන්නේ ඔයා ඒ ගැන දැනටමත් දන්නවා.” "ඒක පරණ තාලේ වචන නෙමෙයි, ජොනී, ඒවා ලස්සන වචන..." ඇයගේ දෑස් කඳුළින් පිරී ගියේය. “මම ඔයාව බඳිනවා ජොනී. මම හැමදාම ඔයාට ආදරෙයි, නමුත් ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ ඔයා අපේ දරුවා බලාගන්නවා කියලා. මම මං ගැන සැලකිලිමත් නෑ, ඒත් අපේ බබාව බලාගන්න ඕනේ. එහෙම නැත්නම් මම දැන්ම ගියා නම් වඩාත් හොඳයි." "මගේ ආදරණීය තෙරේසා, ඔයා මාව විතරක් විවාහ කරගන්නවා නම්, අපේ බබාට, පිරිමි ළමයාට හරි ගැහැණු ළමයාට හරි මට අයිති ඔක්කොම උරුම වෙනවා." “ඒක එහෙම නම්, ජොනී මම පිළිගන්නවා. මම ඔයාව බඳිනවා." ∞ ජෝන්ට අවශ්‍ය වූයේ විවාහ උත්සවය සතියක් ඇතුළත සිදු කිරීමටයි. නමුත් තෙරේසා අවධාරනය කළේ සියල්ල සැලසුම් කර නිසි ලෙස කරන ලෙසයි. ඒ හැර ඇය ජෝන්ගෙන් කතෝලික ආගමට හැරෙන ලෙස ඉල්ලා නොසිටි අතර දරුවා කතෝලිකයෙකු ලෙස ඇති දැඩි කරන ලෙසද ඇය ඉල්ලා නොසිටියාය. සති දාහතරකදී, දැවැන්ත විවාහ මංගල්‍යයකින් පසු, තෙරේසා ජෝන්ට පැවසුවේ ඔවුන් ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බවයි. ජෝන් කලකිරීමට පත් විය හැකි යැයි ඇය කනස්සල්ලට පත් වූ නමුත් ඇයට ඔහුගෙන් එවන් කිසිදු සලකුණක් හඳුනාගත නොහැකි විය. ඔහුගේ පැත්තෙන් ජෝන් සිතුවේ, ඔහු කලකිරීමට පත් විය යුතු යැයි කියා වූවත්, ඔහු එසේ නොවන බව දැනගත් විට පුදුමයට පත් විය. "අපි එයාට දාන්න ඕනේ නම මොකක්ද?" තෙරේසා එක් උදෑසනක ඇඳේ වැතිර සිටිමින් ඇහුවාය. "අපිට එයාව ඩේසි කියලා හඳුන්වන්න පුළුවන්ද?" ඔහු ඇසුවේය. "ඇත්තෙන්ම," ඇය කල්පනා කළාය. “ඩේසි... ස්පාඤ්ඤ භාෂාවෙන් මාගරිටා... මුතු ඇටයක්... හැංගුන මැණිකක්. ඒක අපේ දුවට හොඳට ගැලපෙන නමක්. දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තෑග්ග.”

editor-pick
Dreame - Selecciones del Editor

bc

Revenge marriage to my ex-husband’s Rival

read
4.6K
bc

Secession: A Mafia Boss Series, Installment #2

read
19.3K
bc

The Bounty Hunter and His Wiccan Mate (Bounty Hunter Book 1)

read
86.5K
bc

The Alliance: Force to Marry the Rival Mafia King (A Mafia Boss Series Installment One)

read
28.4K
bc

THE WIFE WHO BECAME HIS RIVAL

read
3.7K
bc

Wrong Taken, True Passion

read
1.1K
bc

Classroom Copulation: 14 Tales of Teachers, Students, Orgies & Schoolroom Discipline

read
19.4K

Escanee para descargar la aplicación

download_iosApp Store
google icon
Google Play
Facebook