2 ඩේසිගේ ජීවිතයේ මුල් අවධිය

2144 Palabras
2 ඩේසිගේ ජීවිතයේ මුල් අවධිය තෙරේසාගේ මෙම ගැබ් ගැනීම, ඇගේ තුන්වන ගැබ් ගැනීම වූ අතර ඇයගේ අනෙක් ගැබ් ගැනීම් අකාලයේ අවසන් වුවද මෙවර එවන් කිසිදු සලකුණක් දිස් නොවීය. නමුත් ඇයගේ අතීතය නිසා ඇය ස්වභාවිකවම කනස්සල්ලට පත්ව සිටියාය. ජෝන් මේ බව දැන සිටි අතර ඇය වෙනුවෙන් පෞද්ගලික හෙදියක් සහ දෙවන මෝටර් රථයක් ලබා දුන්නේ ඔහු හෝ ටෝනි නිවසේ නොමැති විටක උයන්පල්ලාට ඇයව රෝහලට ගෙන යාමට හැකිවන ලෙසය. කෙසේ වෙතත්, සියල්ල හොඳින් සිදු වූ අතර, පවුලේ රක්ෂණ සමාගම විසින් සපයන ලද වින්නඹු මාතාවකගේ සහාය ඇතිව, දෙසැම්බර් 14 වන දින, හිරු එළිය සහිත සවස් වරුවේදී ඩේසි, නිවසේ උපත ලැබුවාය. එය කරදරයකින් තොර උපතක් වූ අතර ජෝන් ආඩම්බරයෙන් බැබළුණේ තම රූමත් බිරිඳ තම රූමත් බිළිඳා වඩාගෙන සිටින අයුරු දැකීමෙන්ය. ජෝන් සැමවිටම ඡායාරූප සඳහා නොකැමැත්තක් දැක්වූ නමුත් සතියක් ඇතුළත ඔහුට ඒවා සිය ගණනක් තිබුණි. ඔහු ඒවා ඔහුගේ මිතුරන්ට සහ හිතවතුන්ට පෙන්වූ අතර, ඇයට ඔහුගේ නාසය හෝ ඇස් ඇති බව ඔවුන් පැවසූ විට, ඔහුට ඒ බව නොපෙනුනත්, ඔහු එයින් ආඩම්බර විය. ඔහුට ඇය, ඔහුගේ ආදරණීය තෙරේසාගේ කැපූ රූපය මෙන් වූ අතර ඔහුට එයට වඩා වෙනත් ආකාරයකින් එය අවශ්‍ය නොවීය. ඔහු කිසිවිටෙක ඇයව ගේට්ටුවෙන් පිටතට ගෙන නොගිය නමුත්, කිසිවෙකුට තමාව නොඇසෙන බව ඔහුට විශ්වාස වූ විට, මල් සහ කුරුල්ලන් පිලිබඳ විස්තර කරමින්, ඇයව රැගෙන තල්ලු කරගෙන යන කරත්තයේ තබා ගෙවත්ත පුරා ඇවිදීමට ඔහු කැමති විය. දිනක් උදෑසන තෙරේසා ඩේසි බැලීමට පැමිණෙමින් සිටියදී ජෝන් ඇයට ‘බා, බා, බ්ලැක් ෂීප්’ ගායනා කරනු දුටුවිට ඇයගේ හදවත උණු වී ගියේය. නැලවිලි ගීතයට ඇයද සවන් දෙනු දුටු ඔහු ලැජ්ජාවෙන් රතු වී සිටි අතර, නැවත කිසි දිනෙක ඔහු එය ගායනා කරනු ඇය නොදැක්කාය. උද්‍යාන ඇවිදීම ඉන් ස්වල්ප කලකට පසු නතර වී තිබූ අතර, එය තෙරේසාට ද බලපෑවේ, ජෝන් සහකරුවෙකු නොමැතිව සමාජශීලිව හැසිරීම පුරුදු වී නොමැති නිසාත්, ඔහුට ඔහුගේ බිරිඳ ඔහු සමඟ සිටීමට අවශ්‍ය වූ නිසාත් වන අතර, එයින් අදහස් වුයේ ඔවුන්ට දරුවා බලා ගැනීමට නැනී කෙනෙකු අවශ්‍ය බවයි. තෙරේසාට එය අවශ්‍ය නොවූවත්, ජෝන් ඇයට බොහෝ කරුණාවන්ත වූ නිසා ඇය එයට අවනත විය යුතු බව ඇයට හැඟුණි. ළදරු ඩේසි, ඇගේ නැනීවූ ලීසා සමඟ ගතකල කාල සීමාවන් දිගුවූ අතරම ඒවා නිරන්තරයෙන් වැඩි විය. මේ නිසා දරුවා ඇගේ මවට වඩා ලීසා හට වැඩි සෙනෙහසක් දක්වන්නට පටන් ගත්තාය. එය තෙරේසාගේ හදවත බිඳ දැමූ නමුත් ඇයට ඒ ගැන කළහැකි කිසිවක් නොවීය. මේ කාලය වන විට, කුඩා ඩේසි බොහෝ විට වත්තේ ඇගේ සෙල්ලම් කොටුව තුල තනිව සිටින බව ටෝනි දුටු අතර එබැවින් ඇයව විනෝද කිරීමට ඔහු නතර විය. කිසිවකු විසින් ඔහුව දැකීම හෝ ඔහුව මෝඩයෙකු ලෙස සිතීම සහ දරුවන්ට ප්‍රිය කරන කෙනෙකු ලෙස සැලකීම ඔහුට ප්‍රශ්නයක් නොවීය. මන්ද ඔහුට තමාගේ කියා කීමට කිසිවෙක් නොමැතිකම ගැන ඔහු නිරන්තරයෙන් පසුතැවිලි වූ බැවිනි. ඩේසිද ඔහුට කැමති වූ අතර ඔවුන් දැඩි මිතුරන් බවට පත් වූහ. ජෝන් නිතර නිතර නිවසින් බැහැරව සිටියේය. ඔහුගේ කාර්යාලය නිවසේ තිබුණද, නමුත් එහි වෙනසක් ඔහු නොදුටු අතර ඒ ගැන කරදරද නොවීය. ඒ ඔහු හැදී වැඩුණු ආකාරය විය. ඇවිදීමට පටන් ගන්නා අවධියේදී, ඇය ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂා ඉගෙනීම, දළ වශයෙන් එකම වේගයකින් ඉගෙනීමට ඉක්මන් වූවාය. තෙරේසා මෙම අවස්ථාව යොදා ගත්තේ, එතෙක් එම ප්‍රදේශයට සහ ඇයගේ පසුබිමට සාධාරණ ලෙස පැවති ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තමාගේ සාමාන්‍ය දැනුම වැඩි දියුණු කර ගැනීමටය. ඉදිරියට පැමිණෙන වසරවලදී ඇයව හොඳ ස්ථාවරයක තබා ගැනීමට සහ ඇගේ දියණිය සමඟ ඇගේ සබඳතාව වැඩිදියුණු කිරීමට එය හේතුවක් විය. එසේ තිබියදීත්, කෙසේ වෙතත්, ඩේසි වැඩි වශයෙන් තනිවම හෝ, වඩාත් නිවැරදිව කිවහොත්, සේවකයින් සමඟ හැදී වැඩුණි. ඇය ජීවත් වූයේ ඇගේ දෙමාපියන් සිටින මන්දිරයේ වූවත්, ජෝන් බොහෝ කලක් තනිකඩව සිටීමට පුරුදුව සිටි නිසා ඔහුගේ චාර්යාවන් වෙනස් කිරීමට අපහසු විය. ඔහු සවස් වරුවේ ඔහුගේ බීමට සහ කෑම සඳහා පිටතට යාමට ප්‍රිය කළ අතර, ඔහුගේ අනිකුත් යහළුවන් තම භාර්යාවන් සමග පැමිණියාක් මෙන් ඔහුගේ බිරිඳද ඔහු සමඟ පැමිණෙනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය. නමුත් සාමාන්‍යයෙන් එහිදී සිදුවූයේ කාන්තාවන් මේසයේ එක් කෙළවරක වාඩි වී සිටින අතර පිරිමින් වෙන්ව වාඩිවී සිටීමයි. ඔවුන් නිවසට පැමිණෙන බොහෝ අවස්ථාවන්හිදී, කුඩා ඩේසිව ඇයගේ නැනී විසින් ඇඳට ගෙනගොස්, කතාන්දරයක් කියවමින් සිටියදී ඇය නින්දට වැටී තිබුණි. සාධාරණව කිවහොත්, ඩේසිගේ නැනීට, ඇය ඇගේම දරුවෙකු වූවා නම් ඇයට මීට වඩා ආදරය කිරීමට නොහැකි වනු ඇත. ඩේසිගේ මව ඇයට ඩේසි සමග සිටීමට නොහැකි කාලවේලාවන්හි අඩුව මැකීමට උපරිමයෙන් උත්සාහ කළාය. මන්ද ඇයගේ වරදකාරී හැඟීම ඇය තුලින් ඉවත් කරගැනීමට ඇයට නොහැකිවූ බැවිනි. කෙසේ නමුත් ඩේසිගේ අනාගතය සුරක්ෂිත බව ඇය තුල විශ්වාසයක් ගොඩනැගී තිබූ අතර අන් සියල්ලට වඩා ඇය සැලකිලිමත් වූයේ ඒ පිලිබඳවය. කවදා හෝ දිනයක ඩේසිට ඇයගේ සහ ඇයගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට තමා ඇයගේ මව ලෙස කලාවූ දේ කිරීමට සිදු නොවනු ඇත. ධනවත් දෙමාපියන්ගේ දරුවන්ගේ මාර්ගය ඩේසි අනුගමනය කළාය. ඇයගේ මුල් වසරවලදී, එක් දිනක් තුලදී වරදකාරී දෙමාපියන් විසින් නාස්තිවීමේ සිට ඔවුන් විසින් නොසලකා හැරීම දක්වා විහිදී තිබිණි. පසුව, ඇය වයස අවුරුදු පහට ළඟා වූ විට, ඇයව පෙර පාසලට ඇතුළත් කරන ලද අතර, මෙහිදී ගුරුවරුන් දරුවන්ගේ දෙමාපියන් සහ නැනීන් වෙනුවට ආදේශ වීමට උත්සාහ කළහ. සෑම කෙනෙකුම පිරිසිඳු සිතින් එසේ කල නමුත්, ඩේසි ඇතුළු අනිකුත් දරුවන්ට එමගින් වඩ වඩා ව්‍යාකූලත්වය, හුදකලාව සහ තනිකම ඇති කිරීමට හේතු විය. ඇය සෙනෙහස හෝ උණුසුම නොමැතිකම අතර වැඩෙමින් සිටියාය. මිත්‍රත්වය හෝ අනිකෙක් සමග සමාගමයක් නොසොයා හුදෙකලාවේ වැඩුණාය. එසේ වූවත් අනෙකුක් දරුවන් ඇය සමඟ මිතුරු වීමට උත්සාහ කිරීම නතර නොකළ නමුත් ඔවුන් කිසිවෙක් ඇයට සමීප වූයේ නැත. හොඳම මිතුරා යනු කවරෙක්දැයි යන්න ඇය දැන නොසිටියාය. පාසැලේ එසේ වූවත්, ඩේසි එහිදී දස්කම් දැක්වූ බවක් පෙනෙන්නට තිබුණි. සත්‍යය නම්, ඒ ඇය තම පියාගේ ප්‍රශංසාව ලබා ගැනීමට උත්සාහ කළ නිසාය. ජෝන්ගේ සමාජ ජීවිතයට තමාගේ 'යුතුකම්' ඉටු කිරීමට අවශ්‍ය නොවන විටක තමා සමඟ යම් කාලයක් ගත කරණ ඇගේ මව ගැන ඇය වඩාත් විශ්වාස කළාය. ඇයගේ ජීවිතයේ මේ අවධියේදී, එනම් ඇය කනිෂ්ඨ පාසැලේ සිටියදී, තම පියාගේ සූරාකෑම් සහ 'කෘඪ මිනිසෙකු' ලෙස ඔහු ලබා තිබූ කීර්තිය පිළිබඳව මුලින්ම අසන්නට පටන් ගත්තාය. ඇතැමුන් ඔහුව ‘අනුකම්පා විරහිත’ හෝ ‘මිනීමරුවෙකු’ ලෙස විස්තර කිරීමට පවා පසුබට නොවූහ. කෙසේ වෙතත්, ඇගේ පියා පිලිබඳ ඇසූ මෙම විස්තර මගින් ඔහුගේ චරිතය පිලිබඳ ප්‍රශ්න කිරීමට ඇය නොගිය අතර, එම කරුණු ඇගේ තරුණ මනස තුළ ඔහුගේ වීරත්වය ඉහළ නැංවීමට පමණක් උපකාරී විය. ඇත්ත වශයෙන්ම, ඇගේ මව ඔහුව 'ඇගේ වීරයා' ලෙස සලකමින් නිතර ඇමතුවේ නැද්ද? මිනිසුන් තම පියා ගැන නරක අන්දමින් කතා කරන අවස්ථා වලදී ඇය කිසි විටෙකත් ඇගේ හැඟීම් ගැන කතා නොකළ නමුත් මිනිසුන් ඔහු ගැන බියෙන් කතා කරන විට ඇය එයට ප්‍රතිචාර දැක්වූයේද නැත. නමුත් තම ඇතුළාන්තයෙන්, එම පුද්ගලයා ඇසුරු නොකර තමා අන් අයගෙන් ඉගෙන ගන්නා පුද්ගලයා ගැන ආඩම්බරයෙන් බැබළුණාය. ඇය එම පාසලේදී ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා මාධ්‍යයන්ගෙන් ඉගෙන ගත් අතර එම භාෂා දෙකම සම්පූර්ණයෙන් චතුර ලෙස කතා කළාය. ඇය ධනවත් බ්‍රිතාන්‍යයන් සමඟ මිශ්‍ර වූවාක් මෙන්ම පොහොසත් සහ දුප්පත් ස්පාඤ්ඤ දරුවන් සමඟද පහසුවෙන් මිශ්‍ර වූවාය. ඇයට කිසි දිනක දුප්පත් බ්‍රිතාන්‍ය ජාතිකයන් මුණගැසී නොතිබුණි. ඇයට වයස දහසය වන විට බ්‍රිතාන්‍යයේ පාසැලක බෝඩිමක නතරවී 'උසස් පෙළ' හැදෑරීමට යන තුරු, දුප්පත් බ්‍රිතාන්‍ය ජාතිකයන් සිටින බව ඇය නොදත්තාය. ඒ අතින් ගත්කල, ඇය බොහෝ ස්පාඤ්ඤ ළමයින් මෙන් දිස්විය. ඇගේ දෙමාපියන් ඇයව ලන්ඩනයට ගෙන ගියේ බෝඩිම් පාසැලේ ඉගෙනීම ආරම්භ කිරීමටය. නමුත් ඔවුන් ඇයව එහි රඳවා පිටත්වන විට, ඇගේ මව කඳුළු සලමින් සිටියද, ඇයට වැඩිපුරම මග හැරුණේ තම පියාගේ ආරක්ෂක ප්‍රධානියා වන ටෝනි මාමා ලෙස හැඳින්වූ පුද්ගලයා බව ඇයට වැටහුණි. නැනීවරුද පාසැලේ ගුරුවරුන් මෙන් පැමිණ නැවත ගොස් තිබූ නමුත් තම දෙමව්පියන් ගැන සඳහන් කළහැකි තරමට වඩා ටෝනි සැමවිටම ඇය සමග සිටියේය. ආධාරක රෝද සහිත බයිසිකලයක් පැදීමට ඔහු ඇයට උගන්වා තිබූ අතර, කල්යත්ම රෝද ගලවා ඇය බිම වැටීමට ගිය අවස්ථාවන්හිදී ඇයව අල්ලා බේරා ගත්තේ ඔහුය. ඔහු ඇයට පිහිනීමට, ගස් නැගීමට, පන්දුවක් විසි කිරීමට, එයට පයින් පහර දීමට මෙන්ම බොක්සිං සහ කරාටේ ක්‍රීඩාවේ මුලික කරුණු පවා උගන්වා තිබුණි. ඔහු සමඟ රූපවාහිනියෙන් රගර් ක්‍රීඩා නැරඹීමේ ප්‍රියමනාප මතකයන් ඇයට තිබූ අතර එංගලන්තය ලකුණු රැස් කරන විට හෝ විශේෂයෙන් හොඳින් ක්‍රීඩා කරන විට ඔහු උද්යෝගිමත් වනු දැකීමෙන් සතුටක් ලැබුවාය. සදහටම තමන්ගෙන් ඈත්වී ගොස් ඇති බව ඇය වටහාගත් එම ප්‍රීතිමත් දින සිහිකරමින් ඇය කිහිප වතාවක්ම කඳුළු වැගිරෙව්වාය. ඇය ව්‍යාපාර සහ ආර්ථික විද්‍යාව විෂය හැදෑරූ බෝඩිම් පාසලේ දී සහ විශ්ව විද්‍යාලයේ දී ඇය රයිනෝවෙකුගේ මෙන් ඝන සමක් සහ නරියෙකුගේ මෙන් කපටිකමක් වර්ධනය කර ගත්තාය. තමා ගැන, තම පවුල ගැන සහ විශේෂයෙන්ම තම පියා ගැන කවරෙකු හෝ කී සෑම වචනයක්ම මතක තබා ගැනීමේ අපූර්ව හැකියාවක් ඇයට සැමවිටම තිබුණි. ඇය ද ඒ සියල්ල දිනපොත්වල ලියා තැබීමට පුරුදුව සිටි අතර, දශකයක් පුරා එසේ කරමින් සිටියද, එසේ කලේ එම කරුණු තම මතකයේ තබා ගැනීමේ මාර්ගයක් ලෙස පමණි. ඇය කුඩා කාලයේ සොයාගත් පරිදි, ඇය යමක් සාමාන්‍ය අත්අකුරින් ලියා තැබූ විට, එය කිසිදා ඇයට අමතක නොවන බව ඇය දැන සිටියාය. පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පරිභාහිරව යමක් කිරීමේ අදිටනින් ඇය මිශ්‍ර සටන් කලාවන් පිළිබඳ පාඩම් ඉගෙන ගත්තාය. ඇය කියෝකුශින්කයි කරාටේ ක්‍රීඩාවේ තම ප්‍රතිවාදියා සම්පුර්ණ ලෙස පරාජය කිරීමේ දක්ෂයෙකු වූ අතර ඇය පාසලෙන් ඉවත් වන විට අයිකිඩෝ සහ බොක්සිං ද ඉගෙන ගෙන තිබුණි. තම දියණිය පළමු පන්තියේ ගෞරව උපාධිය ලබා ගැනීම නැරඹීමට ලන්ඩනයට ගිය විට ජෝන් සහ තෙරේසාට දැනුනේ තමන් මුළු පෘථිවියේම සිටින ආඩම්බර දෙමාපියන් ලෙසය. උපාධි ප්‍රධානෝත්සවයෙන් පසු ඔවුන් රිට්ස් හෝටලයේදී මිතුරන් සමඟත් පසුව එදිනම සවස ඩේසිගේ මිතුරන් සමඟත් එහි සතුට සැමරූහ. එය පරිපූර්ණ දවසක් විය. සමහර විට වසර දහයක් හෝ පහළොවක් පුරාවට ඩේසිට තම දෙමාපියන් දෙදෙනාගේම වටිනාකමක් දැනුණු එකම දිනය විය හැකිය. ජෝන් සහ තෙරේසා ඇයගේ ජයග්‍රහණය සඳහා ත්‍යාගයක් ලෙස ඇයට ලොව වටා යාහැකි, පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් පිරිනැමූ අතර, ඇයට විශ්මයක් ලෙස අලුත්ම පෝර්ෂේ 911 කැරෙරා එස් කැබ්රිඕලේට් කාරයක්ද ස්පාඤ්ඤයේ ඔවුන්ගේ ගරාජයේ තබා තිබුණි. නමුත් ඔවුන් මවිතයට පත් කරමින් ඩේසි ගුවන් ටිකට් පත ප්‍රතික්ෂේප කළාය. "ඒ ඔක්කොම එක වගේ නිසා, මම ඔයාලා එක්ක ආයෙත් මලගා වලට පියාසර කරන්න කැමතියි", ඇය පැවසුවාය. “පවුලේ ව්‍යාපාර වලට මට මොකක් හරි දායකත්වයක් දෙන්න ඕන. පස්සේ ඕනේ තරම් වෙලාව හම්බවෙයි මට ලෝකේ වටේ පියාසර කරන්න. මට ඔයත් එක්ක පවුලේ සමාගමේ වැඩ කරන්න ඕනේ, තාත්තේ" අසූ හය හැවිරිදි පියාට එයට කුමක් කළ යුතු දැයි නොතේරුණත් ඔහුගේ හදවතේ යම් උණුසුම් වීමක් දැනුනි. ඔහු තම දියණිය වටා අත යවා ඇයව මිරිකුවේය. එය ඔවුන් දෙදෙනාගේම එකමුතුවේ දුර්ලභ අවස්ථාවක් විය. ලොව වටා පියාසර කිරීමේ ත්‍යාගයට විකල්පයක් ලෙස, ඩේසිගේ දෙමාපියන් ඇයට ලන්ඩන් නගරයේ හදවතේ සාප්පු සවාරියක් යෑමට පවුම් 5,000 ලබා දුන්හ. ජෝන් තම බිරිඳ සහ දියණිය සමඟ සාප්පු සවාරියට එක් නොවීම ගැන ඔහු සාමාන්‍යයෙන් නිදහසට ඉදිරිපත් කරන කරුණ, තම කොන්දේ වේදනාව ඉදිරිපත් කළේය. නමුත් ඔහු කෙසේ හෝ සාප්පු යෑමට අකමැති බවත් තනිවම යන බවත් ඔවුන් දැන සිටියහ. ඔවුන් ඉතා සතුටින් සිටි අතර ඔවුන් ආපසු පැමිණ ඔවුන්ගේ නව ඇඳුම් වලින් සැරසී ඔහු ඉදිරිපිට ඒවා ප්‍රදර්ශනය කළහ. ඔහු යම් උනන්දුවක් පෙන්වූ නමුත්, ඔවුන් දෙදෙනාම ඔහුව හොඳින් දැන සිටි අතර, ඔහුගෙන් විලාසිතා පිළිබඳ කිසිදු උද්යෝගයක් බලාපොරොත්තු නොවූහ. බ්‍රිතාන්‍ය පුවත්පත් පිලිබඳ කනස්සල්ලට පත් වූ ජෝන් ඊළඟ දිනයේ ස්පාඤ්ඤයට ආපසු යාම වඩා ආරක්ෂිත බව තීරණය කළ අතර ඔහුගේ කුඩා පවුල ඔහු සමඟ යාමට සතුටු විය. බ්‍රිතාන්‍යය පමණක් නොව ලන්ඩනය පවා තව දුරටත් නිවහනක් සේ නොදැනෙන තරමට ඔහු බොහෝ කලක් ඒවායින් ඈත්ව සිට තිබුණි. තෙරේසා ලන්ඩනයට කැමති වූ නමුත්, ඒ සාප්පු සවාරි සඳහා පමණක් වූ අතර ඩේසි ඇගේ නව ජීවිතය ආරම්භ කිරීමට උනන්දු වූවාය. ඇය වයසින් මුහුකුරා ගොස් ඇති බවත්, වඩා වගකීම් දැරිය හැකි බවත් ඇයට දැනුන අතර කුඩා දරුවකුව සිටි අවධියට වඩා වැඩි මට්ටමකින් තම දෙමාපියන් දැන හඳුනා ගැනීමට හැකි බවද ඇයට වැටහුණි. "ඔයා යන්න ඉස්සෙල්ලා 'ආයුබෝවන්' කියලා කියන්න පෙම්වතෙක් හරි වෙන විශේෂ කෙනෙක් එහෙම නැද්ද?" ඇගේ මව ඇයගෙන් ඇසුවාය. "නැහැ", ඇය තරමක් ලැජ්ජාවෙන් පිළිතුරු දුන්නාය. නමුත් ඇය ලජ්ජා සහිතව පිළිතුරු දුන්නේ ඇයට පෙම්වතෙක් සිටි නිසා නොව, ඇය වැනි රූමත් තරුණියකට පෙම්වතෙක් සිටිය යුතු බව මිනිසුන් බලාපොරොත්තු වූවත්, ඇයට එවන් කිසිවෙකු නොසිටිය නිසාය. තෙරේසා ඇයව විශ්වාස නොකළාය, නමුත් එය දුරදිග ගෙන නොගොස් අත්හැරීයාය. සත්‍යය වූයේ ඇය නිවසින් ඈත් වී සිටි වසර පහක කාලය තුළ ඇය පසුපස කොල්ලන් සහ පිරිමින් විශාල සංඛ්‍යාවක් පැමිණි නමුත් ඔවුන් කිසිවකු සමග උද්වේගී හැඟීම් සමග සමීප වීමට ඇයට නොහැකි වීමයි. ඇය පළමු වසර තුළ උත්සාහ කර තිබිණි, ඇත්ත වශයෙන්ම උත්සාහ කර තිබිණි. නමුත් ඇය සිපගැනීමට, විශේෂයෙන් ප්‍රංශ ආකාරයෙන් සිපගැනීමට නොකැමැති වූවාය. එලෙසම ඔවුන් විසින් අතපත ගානු ලැබීමට මෙන්ම තමා පිරිමින් සතුටු කල යුතුය යන්න කිරීමට බලාපොරොත්තු නොවූවාය. ඇය වෙනස් සහකරුවන් දෙදෙනෙකු සමඟ තුන් වතාවක් ලිංගිකව එක්වී තිබුනද, ඇය එම අත්දැකීම් ප්‍රීතියෙන් භුක්ති නොවින්දාය. ඉන් පසුව ඇය එම සබඳකම් අත්හැර දමා තිබූ අතර, ඇයගේ ආඩම්බරය තබා ගැනීමට ස්පාඤ්ඤයේ මනඃකල්පිත පෙම්වතෙකු සිටින බව නිදහසට කරුණක් සේ භාවිතා කළාය. ඇය ඩික් ලෙස හැඳින්වූ මේ පෙම්වතා තමන්ට කිසි දිනෙක හමු නොවූ බව පැවසීමට තරම් සමීප යෙහෙලියන් පවා ඇයට සිටියේ නැත. තමා ලිංගික ක්‍රියාකාරකම්, හැඟීම් හෝ ආශ්‍රවලට අකමැති, ලිංගිකව මලානික වූ අයෙකු බවට ඇය නිගමනයකට පැමිණ තිබුන නමුත් එයද සත්‍ය නොවන බව තම හදවතේ ගැඹුරින් දැන සිටියාය. ඇය ආශා කළේ කොල්ලන්ට මිස ගැහැණු ළමයින්ට නොවේ. නමුත් ඇය ඔවුන්ට කැමති නොවීය. නැතහොත් අඩුම තරමින් මෙතෙක් හමු වූ කිසිවෙකුටවත් ඇය කැමති නොවූ අතර විශ්ව විද්‍යාලයේදී හමුවූයේ ඇත්තෙන්ම ස්වල්ප දෙනෙකු බව ඇයට පිළිගැනීමට සිදු විය. කෙසේ වෙතත්, තම මව වැඩිදුර ඒ පිලිබඳ විස්තර ඇසීම වලක්වනු වස්, ඇය එදින රාත්‍රියේ පැය කිහිපයක් තනිවම පිටතට ගිය නමුත් ඒ චිත්‍රපටයක් නැරඹීමට සහ බර්ගර් එකක් මිලදී ගැනීමට පමණි. ඔවුන් තිදෙනා, විශේෂයෙන් ඩේසි, පසුදා සවස් වරුවේ නැවතත් ගෙදර බලා ස්පාඤ්ඤයට යාමට සතුටු වූහ.
Lectura gratis para nuevos usuarios
Escanee para descargar la aplicación
Facebookexpand_more
  • author-avatar
    Autor
  • chap_listÍndice
  • likeAÑADIR